සදුන් උයන |Sandalwood Park | 5% to SL-Charity
සියලු දෙනාටම සුබ දවසක්!
මම අද කියන්න යන්නේ බත්තරමුල්ලේ අලුතෙන් ඉදිකරන ලද සදුන් උයන ගැන. එය පසුගිය දවසක ජනතා අයිතියට පැවරු බව රූපවාහිනියෙන් දකින්නට ලැබුනා. සදුන් උයනක් කිව්වම මගේ හිතට අවේ ලොකු ගස් පිරුණු ලොකු කැලයක් වගේ රුපයක්. හොද සිසිලසක් එක්ක ලස්සන දර්ශනයක් තියන සිත නිවන තැනක් මගේ හිතේ මැවුනා.කලබලකාරී කොළඹ ඒ වගේ තැනක් කියන්නේ ගොඩක් වටිනා දෙයක් කියල මට හිතුනා.

අහම්බෙන් වගේ ඒ කිට්ටුවෙන් යද්දී දවසක් මම මේ සදුන් උයන දැක්කා. මම හිතපු ලොකු ගස් තියන සදුන් උයනක් නම් නෙවෙයි පැල තාම ගොඩක් පොඩියි. එත් ලස්සනට පිලිවලට තියනවා.මේ උයන බලාගන්න, ලස්සන කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා මට හිතෙන විදියට අපේ ත්රිවිද හමුදාවේ මහත්වරු වෙන්න ඇති. උයනට ඇතුළුවන විටම අමුතු හැඩයකට නිර්මාණය කරන ලද පොකුණු කිහිපයක් සහ බිත්ති දිගේ කඩාහැලෙන ලස්සන වතුර මලක් හදල තියනවා. මෙම උයනේ ඉදිරිපස අලංකාර කරල තියන විදිය ගොඩක් ලස්සනයි.

දවල් වෙලාවට නම් පට්ට අව්ව. තාම පොඩි පැලනේ.එත් රෑට මෙතන අමුතුම ලස්සනක් තියනවා. මේකේ ආලෝක කරණය ගොඩක් ලස්සනයි. දියවන්නාව ඉස්සරහ තියන නිසා හොද සිසිලසක් තියනවා. හවසක යනවා නම් කලබලකාරී බවෙන් මිදෙන්න හොද තැනක්.

නගර නිර්මාණයේදී මේ වගේ සැලසුම් තියන එකත් ගොඩක් වටිනවා. කලේ කවුරු උනත් හොද වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. මේක හොදට බල කියා ගත්තොත් අපෙන් පස්සේ පරම්පරා වලට කොන්ක්රීට් පිරුණු කොළඹ තියන ලස්සන රූස්ස සදුන් ගස් පිරුණු සදුන් උයනක් දැකගන්න පුළුවන් වේවි.
ස්තුතියි



මන් නම් දැනන් හිටියෙ නෑ ඒක ගැන..ඒත් මේ වගේ දේවල් නම් ගොඩක් වටිනව.ගොඩක් අය කැමති ගස් කොලන් සහිත පරිසරයට..❤
ඒක ඇත්ත
ඇත්තටම ගස් තාම ලොකු වෙලා නැතත්, එතන දැක්කාම හිතට අමුතුම සුවයක් එන්නේ. ❤ගස් ටිකත් ලොකු වෙලා එද්දි තව ලස්සනට තියේවි.🥰
ඔව් ගස් ලොකු වෙද්දී නම් සුපිරියක් තමයි
කොරෝනා එක්ක ඉතින් ඕපන් කරත් බලන්න එන්න අව්ල් නේ 😑😐
රට ඇරියම ගිහින් බලන්න
ගස් ටික ලොකු වුණාම එතන හරිම ලස්සනට තියේවි.... 💚 ඇත්තටම හොඳ වැඩක්....
ඔව් එක හොද වැඩක්
නියම වැඩක්නෙ 😍😍 ගස් ටික ලොකු උනාම තවත් ලස්සනට තියේවි
දැනටත් ගොඩක් ලස්සනයි
mama ahanna giyeth eka. ehenam hawasaka enna ona. danuwath kra eka watinwa. mn danne na meka gena kalin
ow gihin balanna
ඇත්තටම සුපිරි වැඩක්. ගස් ටික ලොකු වුනාම ලස්සනට තියේවි.
දැනටත් ලස්සනයි
කවුරු කළත් නගර අලංකරණ කියන්නේ බොහොම හොඳ වැඩක්. 😍
නගර සැලසුම් වල මේවා තියන්නම ඕන
හරි ලස්සන තැනක්... ෆොටෝස් ටිකත් ලස්සනයි.
Thank you
පුදුම ලස්සනක් තියෙන්නේ.පින්තූර මේ තරම් ලස්සන නම් සජීවිව දැක්කම කොයිතරම් ලස්සන ඇතිද.
ඔව් රෑට ලයිට් දැම්මම ගොඩක් ලස්සනයි.