විශම භාග | The Other Half | 5% to SL Charity
ඉතින් විශම භාග බලනකොට මගේ එක වසරෙ ටීචර්ව මට මතක් වුණා. මගහැරගන්න හොඳ නැති විශිෂ්ඨ නිර්මාණයක කුතුහලය විනාස කරන්න බැරි හින්දා කතාව නොකියා මම පුංචි දේවල් ටිකක් විතරක් මේ ගැන ලියලා තියන්නම්.
රුවන්සිරිගෙයි කමලසිරි ගෙයි මහා ගහක් වගේ සීයෙ,, ඔයා මගේ හිත තෙත් කළා. වැහැරිලා දිරලා ගිය ශරීරයක් ඇතුළෙ කවදාවත් නොදිරපු මානව දයාව ඉස්සරහා මම කොයිතරම් පුංචි ද කියලා ඔයා තේරුම් කළා. මානව දයාවෙන්,කරුණාවෙන් පිරුණු රූස්ස ගස් වගේ මිනිස්සුන්ගෙ සෙවණෙ හැදෙන පුංචි පැළ කොයිතරම් සුවඳ ද කියලා ඔයා පෙන්නලා දුන්නා.
ලස්සනට සිංදු කියන්න පුලුවන් ඒත් ගණන් බැරි නිසා ගණන් ගුරුතුමාගෙන් ඇස් වලට කඳුලු එන තරම් තැලෙන රුවන්සිරි, එයා මගේ හිත එකපාරම ආදරෙනුයි දුකෙනුයි තෙත් කළා. රුවන්සිරිගෙ පුංචිම පුංචි ඇඟ ඇතුලෙ තියෙන ලොකු හිත එයාගෙ ගණන් පුලුවන් නිවුන් සහෝදරය කමලසිරිගෙ හිතට වඩා ලොකුයි කියලා මට හිතුණා.
ඒ මොනව වුණත් දෙන්නගෙ සහෝදර ප්‍රේමය ගැඹුරින්ම දැනුණා.
රුවන්සිරිගෙයි කමලසිරිගෙයි ඉස්කෝලෙ සංගීත ටීචර් ගැන තව ටිකක් ලොකු වුණාම රුවන්සිරි රචනාවක් ලියන්න වුණත් පුලුවන්. අහසෙ සුරංගනාවියො ඉන්නවා කියලා මම අහලා තිබුණට මගේ සුරංගනාවි හිටියෙ සංගීත කාමරේ ඇතුලෙ කියලා එයා ඒක පටන් ගන්නත් පුලුවන්.
බඩගින්නෙන්, දුප්පත්කමින්, තව දාහක් විතර දේවල් වලින් බැට කන ලංකාවෙ පොඩි වුන්ගෙ අහස තමන්ට දැනෙන පාටින් පාට කරන්න නොදී, ගුරුවරයට, දෙමව්පියන්ට ඕනෙ පාටින් පාට කරන්න හදන එක වරදක් නෙමෙයි අපරාධයක්. ඒ අහසෙ නිදහසේ ඉගිලෙන්නෙ තියෙන තටු වලට පාඩුවේ ඉගිලෙන්න ඉඩ හරින්න. විශම භාග තුළින් කියන්න හදන එකම පණිවිඩේ ඒක නෙමෙයි. ඒත් හැම දරුවෙක්ගෙම පරිමාව එක වුණාට ධාරිතාව වෙනස් කියලා තේරුම් ගන්න කියලා ලෝකෙන් කරන ඉල්ලීම මේ ලෝකෙ පැවැත්ම පවා තීරණය කරන පණිවිඩයක්.
අන්තර්ජාතික සම්මාන විශාල ගණනක් කියන පොඩි කොටස ඇතුළෙ චිත්‍රපටයෙ විශිෂ්ඨත්වය කියවෙනවා. ලංකාවෙ වගේ පොඩි රටකට ඒක ආඩම්බරයක්. කඳුලු වැටෙන තැන් ගොඩක් තියෙනවා තමයි. ඒත් අවසානයෙදි සැනසුම් සුසුමක් හෙළන්න පුලුවන්.
චිත්‍රපටයට එහෙම වුණාට ඇත්ත ලෝකෙට ආවම ලොකු බර සුසුමක් පිටවෙන්නෙ ඉබේටමයි. ඒ අපිට හිතන්න ඉතුරු කරන දේ සෑහෙන්න බර නිසා!❤️





මං ඒ ෆිල්ම් එක බැලුව. ඒක බලල වින්ඳට වඩා රහක් මං ඔයා ලියපු වචන ටික කියවල වින්ද. ඇත්තමයි නංගි.. හරිම ලස්සන අර්ථකථනයක්.❤ අනිත් එක සමහර ළමයින්ගෙ දක්ෂකම අකුරු ඉලක්කම් වලින් එහාට ගිය දෙයක් වෙන්න පුලුවන්.. ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු.. මොනාහරි අලුතෙන් නිපදවපු මිනිස්සු හුඟක් ඔය අකුරු ඉලක්කම් ළඟ ෆේල් වුන අය තමයි.
ඒක ඇත්ත අක්කා. ඉගෙන ගන්න ලොකුවට බැරි වුණත් නිර්මාණශීලී හැකියාවලින් ලෝකෙම හොල්ලපු අය ඉන්නවා.
Thank you so much akka.💛
Youtube dala tbba full movie eka , balanna one ❤️
💛
මම තාම ඒක බැලුවෙ නෑ. ගොඩක් ගුරුවරු එක එක ලමයින් ගේ හැකියවල් වෙනස් බව තෙරුම් අරන් එයාලාව හරි මගට යොමු කරනවා. තවත් ටික දෙනෙක් ඉන්නවා, හැමෝටම එක වගේ පුලුවන් වෙන්න ඕන කියලා හිතන.
මන් මේක හෝල් එකේ බැලුවෙ. ගොඩක් දේවල් හිතන්න ඕනෙ ෆිල්ම් එකක්.
හෝල් එකේ ෆිල්ම් බලනවා කියන්නෙ ලස්සන අත්දැකීමක්. එතකොට වැඩියෙන් රස විඳින්න පුලුවන්.😍
මාත් ගොඩාක් ආසවෙන් බලපු එකක් තමයි මේක. හරිම ලස්සනට ලියලා තියෙනවා බලපු නැති අය spoil නොවෙන්නත් කුතුහලය වැඩි වෙන්නත්. නියමයි!😍
Thank you so much!😍💛
ඔයා ගොඩක් ලස්සනට ඒක ලියලා තියනවා. කියවගෙන යද්දි අමුතුම සිතිවිලි ටිකක් හිතට ආවේ. මේ කතාව මාත් බලලා තියෙනවා ඔයාගේ Article එක කියෙව්වම කතාවේ තිබ්බ රසය තවත් වැඩි වුණා. 😍😍
Thank you so much nangi!💛😍
මම නොබැලූ ඔබ බැලූ තවත් පිල්ම් එකක්
මේක යූ ටියුබ් එකට දාලා සතියක් වත් නෑ. මමත් ළඟදි බැලුවෙ.😁
Podi kaale mathak una... ....
එහෙම අත්දැකීම් තියෙනවද පොඩි කාලෙ
බලන්න ඕන ෆිල්ම් එකක් වගේ 😍, බලන්න ආස හිතෙන විදිය්ටම ලියල තියෙනව අක්කෙ 😍
බලන්න!
Thank you so much malli😍💛
මමත් බලපු චිත්‍රපටයක්. හිතට දැනුනු චිත්‍රපටයක්.මේ කියන ආදර්ශ ඇත්තටම ඒ කතාවෙන් පෙන්වනවා.