කෙල්ලෙක් නම් අයියෙක් ඉන්න ඕන | 5% for SL Charity

in Steem Sri Lanka5 years ago

මං මේ කියන්න යන්නේ, මට මගේම අයියෙක් නොමැති වීමේ සහ අයියෙක් ලැබීමේ කතාව. මේ කතාව කෙල්ලන්ට සහ අයියලාට.

ඔයා කෙල්ලෙක් නම් ජීවිතේ කවදකම හරි කොයිම මොහොතක හරි මේ වෙලාවෙ අයියා හිටියනම්, එහෙමත් නැත්නම් මේ වෙලාවේ මට අයියෙක් හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ නේද කියලා හිතිලා ඇති. මං මේ කියන්නේ අක්කලා, නංගිලා, මල්ලිලා හොඳ නෑ කියලා නෙමෙයි. ඒත් අපිට අයියා කෙනෙක් හිටියනම් කියලා හිතෙන අවස්තා නැතුව නෙමෙයි.

ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියන්නෙ ඔයා වාසනවන්තයි? ඉන්න අයනම් කියාවි, අපෝ මහ වදකාරයෙක් කියලා 😂. අයියා කෙනෙක් නැති උන්ට තමයි ඒ අගේ දැනෙන්නේ.

මට ඉන්නවා, මගේ වයසම නෑදෑ සහෝදරයො දෙන්නෙක්. සරලවම කිව්වොත් මේ තමයි දන්න කාලේ ඉදලා මගේ අයියලා දෙන්නා. කොටින්ම ඒ දෙන්නා මගේ... වෙන කාගෙවත් නෙමෙයි. අපි පුංචි කාලේ ගොඩක් හැදුනෙ වැඩුනෙ එකටම නිසා මට අයියලා නැති අඩුවක් දැනුනෙම නැති තරම්.

IMG_20180302_154254.jpg

ඒත් කාලයත් එක්ක අපිත් ටික ටික වයසින් වැඩෙනකොට, අපිට ඉස්කෝල තුනකට යන්න උනාම, අපි අපේම මාර්ග වල ගමන් කරන්න උනාම, ඉස්සර වගෙ එකතු වෙන්න වෙලාව අඩු වෙන්න පටන් ගත්තා.

මේ වගේ කාලෙට, ඕන තරම් මටත් අයියා කෙනෙක් හිටියානම් කියලා හිතිලා ඇති. මගේ හොඳම යාලුවාට අයියලා දෙන්නෙක්ම ඉද්දි, එයාලාගෙ ආදරේ දකිද්දි, මටත් අයිය කෙනෙක් ඕන කියලා අනන්තවත් හිතිලා ඇති.

නැති අයියල කොහෙන් මවන්නද දෙයියනේ... මං ඉතිං හැම වෙලාවෙම, අවුලක් නෑ මට ඔය ඉන්න අක්කා ඇති කියලා හිතා ගන්නවා. කොහොමෙන් කොහොම හරි කාලේ ගෙවිලා ගිහින්, මෙන්න මටත් අයියෙක් ලැබුනා... හෑහ්... එහෙමත් වෙන්න පුලුවන්ද? 😄😄😄

අර මට හිටියම ඇති කියලා හිතාගෙන හිටිය අක්කා... අයියෙක් හොයා ගත්තා නෙහ්...

IMG_4174 c.jpg

හැම මස්සිනා කෙනෙක්ටම අයියා කෙනෙක් වෙන්න බැරි උනත්, මට ලැබුන මස්සිනා, අයියෙක් වීම හරිම සතුටක්. තමන්ගෙ නංගි වගේම මාවත් එයාගෙම නංගි කරගැනීම සතුටක්. අයියෙක් නැති මට අයියෙක් උනාට ස්තුති 💖.

කියන්න, ඔයාලටත් කවද හරි අයියෙක් හිටියානම් කියලා හිතිලා තියෙනවද?

Sort:  

Koo meeke imantha ayya naane. Tharahai👎

oyawa haluwa chuttakata 😝😂

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

I have already. Actually sometimes I feel he is my second father. Because he gaves me that much of caring.

That is how they are.

මම පවුලේ එකම ළමයා 😁 ඒත් මම පුංචි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි එක්ක.. ඒ කියන්නේ මගේ ලොකු අම්මගේ පුතාලා දෙන්නා එක්ක.. ඉතින් අයියා මට මගේම කියලා අක්කා කෙනෙක්ව හොයන් ආවා.🙊
මේ වෙලාවේ අමසිරි මහත්තයාගේ සිංදුව පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා...

මට මගේ නොවන...
මගේම...
අයියා කෙනෙක් ඉන්නෝ....

😁

මටත් එහෙමයි 🙈

අයියගේ ආදරෙත් හරියට
තාත්තාගේ වගේ...
අපිට පේන්නෙත් නෑ තේරුම් ගන්නත් බෑ..
ඒත් පොඩ්ඩක් හිතුවොත්
අපිට උදවුවක් ඕනි හැමතැනකදිම
එයා අපි ළග..
එයාලා දෙයක් කියන්නේ ගොඩක් හිතලා
ඒ දෙවල් වරදින්නෙත් නැ..
අපිටත් වඩා අපි ගැන හිතන
එයාලගේ ආදරේ තේරුම්ගන්න
අපිට ගොඩක් කල් යනවා..
ඔයාටත් අයියා කෙනෙක් ඉන්නවා නම්
එයාට ආදරේ කරන්න මොකද එයා තමයි
තාත්තගෙන් පස්සෙ අපිව රකින දෙවියෝ..❤️

(මටත් අයියා කෙනෙක් නෑ.. 😔 හැබැයි මේක වෙන්නැති හැම අයියා කෙනෙක්ගෙම ඇත්ත කතාව... ❤️ එහෙම නේද..?

ඇත්තම ඇත්ත මල්ලි 💖.

akkala thamai hariyanne mallilata. @ashen99

Hitha hadagmuu 🙈

අයියා කෙනෙක් හිටිය නම් කියලා දැනෙන අවස්ථා ඕනි තරම් තියනවා.හැබැයි මට ඉන්නවා අයියලා තුනක් වගේ ගොඩක් ශක්තිමත් අක්කලා තුනක් . ඒ නිසා තෑග්ගක් විදිහට හොඳ අයියලා තුනකුත් හම්බවුණා ..🤭🤭

අක්කලා ඉන්නවා කියන්නෙ කවද හරි අයියෙක් ලැබෙනවා නේ 😁.

මටත් ඉන්නව දැන් අයියල 3 ක් 😁

Apit ayyala nane ethin....

mama me kiwwe kellonta ayya kenek inna ona kiyala 😂😂

ayyala thiya mokekwath na appa..epa wela enne epa wela

Ai ara chuti නෑනා kenek innawa neda 😁.

මේ කතාව කෙල්ලන්ට සහ අයියලාට.

Ok bye!👋

bye bye supun 😂.

ඔයාලටත් කවද හරි අයියෙක් හිටියානම් කියලා හිතිලා තියෙනවද?

ඔව්ව්ව්!!! 🙁

😥😥

mamge ayya imthim Harith thamai

🤗🤗🤗. eyalawath ayya karaganna puluwan tamai 😁.